බූස්ටර් එන්නත ගත් සංඛ්‍යාව 38,57,504 දක්වා ඉහළට

0
287

කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් එක් ලක්ෂ 64 දහස් 547 දෙනෙකුට ඊයේ දිනයේදී බූස්ටර් මාත්‍රාව හෙවත් තුන්වන මාත්‍රාව දී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරටදී තුන්වන එන්නත් මාත්‍රාව ගෙන ඇති මුලු පුද්ගලයින් සංඛ්‍යාව 38,57,504 දක්වා ඉහළ යනු ඇති.

ඊයේ දිනය වනවිට පුද්ගලයින් එක්කෝටි 38 ලක්ෂ 40 දහස් 279 දෙනෙකු මාත්‍රා 02ක් ලබාගෙන තිබූ බව දෛනික එන්නත්කරණ දත්ත වාර්තාවේ දැක්වෙයි.

භාවිතයට ගෙන ඇති මුලු එන්නත් මාත්‍රා සංඛ්‍යාව තුන් කෝටි තිස්හය ලක්ෂ අසූ හත් දහස් එකසිය දෙකකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here