Sunday, November 17, 2024

අගමැති යනවාද ? – යනව නමි අපට කියලයි යන්නේ – මුරැත්තෙටිටුවෙි හිමි අගමැති එළවීමෙි කුමන්ත්‍රණයක් ගැන කියයි

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට සූදානම් වන බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.


නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරයාට රට හැදීම පිළිබඳ නිසි දැක්මක් ඇතත් ඔහු වටා සිටින ඇතැම් පිරිස් ඊට බාධා පමුණුවන බවයි.

“ පොඩි ආරංචියක් යනවා හැම තැනම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉල්ලා අස්වෙන්න හදනවා, එතුමා යනවා කියලා. ඒක  මහා ආන්දෝලනයක් වෙලා.“

එහෙම දෙයක් අපි දන්නේත් නෑ.  එහෙම අදහසක් තියනවා නම් එතුමා අපිට කියලා යන්නේ.  මහින්ද රාජපක්ෂ එලවන්න කරන කුමන්ත්‍රණයක් ද දන්නෙ නෑ මේක. එහෙම වෙන්න දෙන්න බෑ.  ජනතාවගේ හදවතේ  තියන ප්‍රතිරූපයක් තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ. “

“ගෝඨාභය රාජපක්ෂ මහත්තයට වැරදුනේ එතුමා වටේ ඉන්න කේවට්ටයො නිසා. එක කේවට්ටයෙක් නම් දැන් බැහැරවේගෙන යන බව පේනවා.

අයියා මල්ලිලට එකතු වෙලා රට කරගන්න දෙන්නෙ නැති පිරිසක් ඉන්නවා. ඒ අය එහෙට මෙහෙට කරන්න ඕන. මහින්ද මහත්තය මේකෙ ඉන්න ඕන.

“පොඩි ආරංචියක් යනවා හැම තැනම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉල්ලා අස්වෙන්න හදනවා, එතුමා යනවා කියලා. ඒක  මහා ආන්දෝලනයක් වෙලා.

එහෙම දෙයක් අපි දන්නේත් නෑ.  එහෙම අදහසක් තියනවා නම් එතුමා අපිට කියලා යන්නේ.  මහින්ද රාජපක්ෂ එලවන්න කරන කුමන්ත්‍රණයක් ද දන්නෙ නෑ මේක. එහෙම වෙන්න දෙන්න බෑ.  ජනතාවගේ හදවතේ  තියන ප්‍රතිරූපයක් තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයට වැරදුනේ එතුමා වටේ ඉන්න කේවට්ටයො නිසා. එක කේවට්ටයෙක් නම් දැන් බැහැරවේගෙන යන බව පේනවා.

අයියා මල්ලිලට එකතු වෙලා රට කරගන්න දෙන්නෙ නැති පිරිසක් ඉන්නවා. ඒ අය එහෙට මෙහෙට කරන්න ඕන. මහින්ද මහත්තය මේකෙ ඉන්න ඕන.

මා කියන්නෙ පක්ෂ දේශපාලනය ඉවත් කළ යුතුයි. මේ රට හදන්න පුලුවන් එතකොට. සිංගප්පූරුව හැදුවෙ එහෙම.


අගමැතිතුමා යනවා නම් අපිට කියලා යන්නේ. මහින්ද රාජපක්ෂ එලවන්න කුමන්ත්‍රණයක් ද දන්නේ නැහැ. අද රටේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ජනපති වටා ඉන්න අය නිසා රට ගෙනියන්න බැහැ. එක කේවට්ටයෙක් නම් දැන් බැහැරවෙලා. අයියා මල්ලී එකතුවෙලා ඩොලර් පස්සෙ නොයා.., ඉන්න අය හුවමාරු කළොත් රට කරන්න පුලුවන්. පොහොර ගැන කේවට්ටයෙක් උපදෙස් දුන්නා. අන්තිමට ජනතාවට රට එපාවුණා. ගෑස් පිළිබඳත් එහෙම වුණා. වෙන්න යන දේ වළක්වාගන්න නම් මහින්ද මහත්තයා ගිහින් හරියන්නේ නැහැ. මහින්ද මහත්තයා මේකේ ඉන්න ඕනේ. තීන්දුවක් ගත්තානම් වහාම අත්හරින්න. ජනපතිතුමනි කේවට්ටයින් ඉවත්කරන්න. ශෝධනයක් කළොත් ඉලක්කයට යන්න පුළුවන්. හණමිටි බදාගෙන ගියොත් අපිත් රටත් විනාශයි. විවේක ගන්න පිටරටම යන්න ඕනේ නැහැනේ. බලයට පත්කරපු ජනතාව හාමතේ තියලා හෝටල්වලට ගියපු එක ගැන ජනතාව තීන්දු කරයි.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles