රජයට අයත් ලේක් හවුස් පුවත්පත් ආයතනයේ ඩිජිටල් මාධ්‍ය අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කර මංජුල සමරසේකර මහතාව කිසිදු හේතුවක් නොදන්වා සේවය අත්හිටුවා තිබෙනවා.
අංක රහිත ලිපියක් මගින් මංජුල සමරසේකර මහතාට දැනුම්දී ඇත්තේ ඔහු වැඩතහනම් කර ඇති බවයි.
කෙසේ වෙතත් එලෙස වැඩතහනම් කිරීමට අදාළ හේතුව කුමක්දැයි ලේක් හවුස් ආයතනය මේ වන තෙක් තමන්ට දැනුම් නොදුන් බව මංජුල සුමනසේකර මහතා පවසනවා.
මේ සම්බන්ධයෙන් ආයතනයේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයාගෙන් ලිඛිතව විමසා ඇතත් ඊටද තවමත් පිළිතුරු ලැබී නොමැති බවද සමරසේකර මහතා සදහන් කරනවා.
මේ සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් අමාත්‍යවරයාගේ අවධානයට යොමුකර තිබෙනවා.