අසීරු මොහොතේ අසල්වැසියා පිහිටට එයි…

0
411

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කිරීමට ඉන්දියාවේ සහය ලබා දීම සහ ත්‍රීකුණාමලය තෙල් ටැංකි ව්‍යාපෘතිය සමගාමීව ක්‍රියාවට නැංවෙන්නක් බව එරට රජයේ නිල ආරංචිමාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීමේ ඒකාබද්ධ ව්‍යාපෘතියට අදාළ සැලසුම් ද අවසන් අදියරේ පවතින බවය.

ඊට සමගාමීව ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව දැනට මුහුණදී සිටින ආර්ථික අවපාතය සමනය කර ගැනීම සඳහා මූල්‍ය සහය ලබාදීමට නියමිත බව ද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

එළැඹෙන මාස කිහිපය තුළ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘතියේ වැදගත් අදියරයන් ක්‍රියාවට නැංවෙනු ඇති.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය පහසුකම් පැකේජය යටතේ ආහාර ද්‍රව්‍ය ඉන්දියාවෙන් මිලදී ගැනීමේ සැලසුමක් මෙන්ම තෙල් ආනයනය සදහා වෙනම ණය පහසුකම් වැඩටහනක්ද, ක්‍රියාමත්මක කෙරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

චීනය, ශ්‍රී ලංකාවට නුසුදුසු පොහොර ටොන් 99000ක ප්‍රමාණයක් එවූ විට එය මෙරටින් ප්‍රතික්ෂේප කළ නිසා ඇතිවූ තත්ත්වයේදී ඔවුන් ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුව පවා අසාදු ලේඛනගත කිරීමට කටයුතු කළ මොහොතක ඉන්දියාවේ මේ මැදිහත් වීම සතුටුදායකය.

– The Indian Express

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here