අගමැති සිය ඩුබායි සංචාරය අවලංගු කරයි

0
314

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඩුබායි සංචාරය අවලංගු කර ඇති බව වාර්තා වනවා. ඩුබායි එක්ස්පෝ උත්සවයට සහභාගී වීම සඳහා අගමැති රාජපක්ෂ 2022 ජනවාරි 2 වන දින ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබුණා.

ඒ, ඩුබායි හි පාලක මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා ජනවාරි 3 වන දින ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතව තිබුණා.

ජනවාරි 3 වැනිදා ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකාවේ ජාතික දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ආර්ථික අර්බුදයක් ඇතුළු ශ්‍රී ලංකාවේ වර්ධනය වන ගැටලු හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා සිය ඩුබායි සංචාරය අවලංගු කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ සඳහන් කර ඇත්තේ.

“අපගේ විදේශ සංචිත ද ඩොලර් බිලියන 3 සීමාවට ළඟා වී ඇති බැවින් ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා සුබවාදීව සිටියි. රටේ පවතින ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීම නිසා අගමැතිවරයාට මේ මොහොතේ ඩුබායි සංචාරයට පැමිණීමට නොහැකියි” අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here