මේ කැබිනට් මණ්ඩලය ෆේල් නේ. ඒක ෆේල් වෙනකොට මුළු රටම ෆේල්

0
338

වත්මන් කැබිනට් මණ්ඩලය අසමත්වීම හේතුවෙන් මුළු රටම අසමත්වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කර සිටිනවා.

ඔහු පෙන්වා දෙන්නේ අලුත් ගමනක් යාහැකි කැබිනට් මණ්ඩලයක් පත් කරගත යුතු බවයි.

“මේ තියෙන කැබිනට් මණ්ඩලය ෆේල් නේ. ඒක ෆේල් වෙනකොට මුළු රටම ෆේල්. මේ කැබිනට් මණ්ඩලයට ඒ ඒ විෂයන් පිළිබඳව දැනුමක් තියෙන හැඟීමක් තියෙන අයව පත්කර ගන්න ඕනේ. මේ වෙලාවේ අපි යෝජනා කරන්නේ, අන්න එහෙම පත්කරගෙන රටේ ඉදිරි ගමනක් යන්න අලුත් වැඩපිළිවෙලක් හදන්න ඕනේ.” රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here