Saturday, November 16, 2024

රුපියල් බිලියන 202 ක මුදල් ප්‍රමාණයක් අචිචු ගහන්න යයි

රුපියල් බිලියන 202ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බව මහ බැංකු,ආරංචි මාර්ග කියයි.

ඉකුත් ඔක්තෝබර් 14 වැනිදායින් පසු මුදල් මුද්‍රණය කළ පළමු අවස්ථාව මෙය වන බවද පැවසේ.

2021 වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 825 ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට මහ බැංකුව පියවර ගෙන ඇති බවද කියැවේ.

වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 825 ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට මහ බැංකුව පියවර ගෙන තිබේ.

මේ අතර ඊයේ දිනයේ මහ බැංකුව රුපියල් බිලියන 48.5 ක වටිනාකමකින් යුත් බැඳුම්කර නිකුත් කිරීමට කටයුතු කර තිබියදී ඉන් අලෙවි කිරීමට හැකිව තිබුණේ, රුපියල් බිලියන 33.5 ක් පමණි.

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව් . ඒ විජේවර්ධන මහතා පෙන්වා දෙන්නේ, පොලී අනුපාත සහ විනිමය අනුපාත තවදුරටත් පාලනය කිරීම තුළ අර්බුදය තිවෘර වෙමින් ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles