පෙරදිග ධාන්‍යාගාරය මියන්මාරයෙන් සහල් මෙට්‍රික්‌ ටොන් ලක්ෂයක් ගෙන්වීමට සැරසෙයි

0
306

රටේ සහල් හිඟයක් ඇති නොවීමට මියන්මාරයෙන් සහල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂයක් ආනයනය කෙරෙන බව වෙළඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ සඳහා දෙරටේ වෙළෙඳ අමාත්‍යාංශ අතර ගිවිසුමකට ලබන ජනවාරි 4 වැනිදා අත්සන් කිරීමට නියමිතය.

ඉන්දියාව, පාකිස්ථානය හා මියන්මාරය යන රටවල් වලින් අවශ්‍ය සහල් ආනයනය කිරීමට රජය ගත් තීරණයට අනුව මෙම සහල් ආනයනය කෙරෙනු ඇත.

එම තීරණයට අනුව මෙයට පෙර ඉන්දියාවෙන් හා පාකිස්ථානයෙන් සහල් මෙරටට ආනයනය කළ බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

රටේ සහල් හිඟයක් ඇති නොවීමට ආනයනය කෙරෙන මෙම සහල් තොග ආරක්‍ෂිත තොග ලෙස පවත්වාගෙන යයි.

අනුර බාලසූරිය – දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here