අද කොළඹ ආරක්ෂාව තර කෙරේ

0
293

අද දින කොළඹ නගරය ඇතුළුව බස්නාහිර පළාත ආශ්‍රිතව පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ ගාලුමුවදොර ප්‍රදේශයේ විශේෂ ස්ථානයක රථගාල් සකස්කර ඇති අතර රාත්‍රිය පුරා රථවාහන පොලිස් නිලධාරීන් රාජකාරී සඳහා අනුයුක්ත කර ඇති බවය.

ඒ අනුව බීමතින්, මාර්ග නීති උල්ලංඝණය කරමින් සහ මාර්ගයේ අධික වේගයෙන් ගමන්කරන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

විශේෂ මාර්ග බාධක යෙදවීමට සැලසුම්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

එසේම මහජනතාවට හිරිහැර වන අයුරින් හැසිරෙන පුද්ගලයන් සෙවීම සඳහා කොළඹ නගරයේ ස්ථාන රැසක බුද්ධි නිලධාරීන් අනුයුක්ත කිරීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.

එසේම ස්ථීර සහ විටින් විට විශේෂ මාර්ග බාධක යෙදීමටද කටයුතු යොදා ඇත.

වර්ෂාවසාන දිනය නිසාවෙන් බොහෝ ජනතාව අද දිනය තුළ එය සැමරීමට කටයුතු කිරීමත් සමග ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වනු ඇති.

මහජනතාවට හිරිහැර වන අයුරින් හැසිරෙන පුද්ගලයන් සෙවීම සඳහා කොළඹ නගරයේ ස්ථාන රැසක බුද්ධි නිලධාරීන් අනුයුක්ත කිරීමට ද පොලිසිය පියවර ගෙන තිඛෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here