Friday, November 15, 2024

ගෑස් සමාගමි අධිකරණය විසින් දුන් නියෝග ක්‍රියාත්මක කිරීමට පියවර ගැනේ

ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ඉකුත්දා අධිකරණය විසින් දුන් නියෝග ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන බව පාරිභෝගික සේවා අධිකාරිය සහ ලිට්‍රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම් අද (31) අභියාචනාධිකරණයට දැනුම්දුනි.

වෙළඳපොලට මුදාහැර තිබෙන අනතුරුදායක ගෑස් සිලින්ඩර ආපසු කැඳවන ලෙස අභියාචනාධිකරණය විසින් ඉකුත් දා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම පාරිභෝගික සේවා අධිකාරිය ඇතුළු ගෑස් සමාගම් පැහැර හැර ඇති බවට චෝදනා කරමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ මෝසමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරුණා.

රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම මෝසම අද කැඳවනු ලැබුවා.

මෙහිදී මෝසම ඉදිරිපත් කළ නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනතුරුදායක ගෑස් සිලින්ඩර ආපසු කැඳවන ලෙස ඉකුත් දා අභියාචනාධිකරණය විසින් දුන් නියෝගය ගෑස් සමාගම් විසින් පැහැර හරිමින් සිටින බවට චෝදනා කළා.

ගෑස් කාන්දුවීම් හේතුවෙන් ඇති වූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළව අතුරු නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන විනිසුරු මඩුල්ල විසින් ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙත මෙම නියෝග නිකුත් කරනු ලැබීය.

වෙළෙඳපොලට මුදාහැර ඇති භාවිතා නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙසත් අභියාචනාධිකරණය තවත් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

එමෙන්ම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක සංයුතිය එහි ප්‍රදර්ශනය කරන ලෙසද අධිකරණ විසින් අදාළ සමාගම්වලට නියම කරනු ලැබීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles