Sunday, November 17, 2024

මධ්‍යම අධිවේගය වසර තුනකින් ජනතා අයිතියට – ලක්ෂ්මන් කිරිඇල්ල

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වසර තුනකින් අවසන් කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

නව රජයේ ප‍්‍රමුඛ සංවර්ධන යෝජනාවක් ලෙස ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදි කිරීම් කටයුතු සොයාබැලීමේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (02) එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙම නිරීක්ෂණය මීරිගම ගනේගොඩ අධිවේගී මාර්ග ඉදි කිරීම් ප‍්‍රදේශයේ දී ඇරඹිණ. මෙහිදී ඉදි කෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා

චීන රජයේ එක්සිම් බැංකුවේ මුදලින් ක‍්‍රියාත්මක වන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මුළු රටටම විවෘත වන අධිවේගී මාර්ගයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා පසුගිය වසරේ ඇහැට නොපෙනෙන විශාල වැඩ කොටසක් සිදු වූ බව ද සඳහන් කළේය.

මැනුම් කටයුතු , ඉඩම් පවරා ගැනීම් , වන්දි ලබා දීම ඇතුළු මූලික අවශ්‍යතා සිදු කළ අතර මේ රජය වැඩකටයුතු කරන්නේ ජනතාවට අවශ්‍ය විදිහට බවත්  මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කරන්න මේ ප‍්‍රදේශයේ ජනතාව විශාල පරිත්‍යාගයක් කර තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි , මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පුෂ්ප ගුණරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles