යුක්රේනය තවදුරටත් ආක්‍රමණය කළහොත්, සිය මිත්‍ර රටවල් සමඟ එක්ව දැඩි ප්‍රතිචාරයක් දක්වන බවට අමෙරිකානු ජනපති ජෝ බයිඩන්, රුසියානු ජනපති විලැද්මීර් පුටින්ට අනතුරු ඇඟවීමක් නිකුත් කළා.
ඒ, නායකයින් දෙපළ අතර පැවති දුරකතන සංවාදයකදීයී.
දේශසීමා ආසන්නයේ හමුදා සාමාජිකයින් දහස් ගණනක් යොදවමින් යුක්රේනය ආක්‍රමණය කිරීමට සැරසෙන බවට ද අමෙරිකානු ජනාධිපතිවරයා, රුසියාවට චෝදනා කළා.
එම චෝදනා ප්‍රතික්ෂේප කළ රුසියානු ජනාධිපතිවරයා සඳහන් කළේ එම බට පිරිස් අභ්‍යාසයක් සඳහා යොදවා සිටින බවයි.
තම භූමිය තුළ නිදහසේ ගමන් කිරීමට ඔවුන්ට අයිතියක් ඇතැයි ද රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කළා.
අදාළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ රුසියානු ජනාධිපතිවරයා අමෙරිකාවට චෝදනා කළේ නේටෝව ව්‍යාප්ත කිරීම හරහා කලාපයේ ආරක්ෂාව බිඳ දැමීමට මැදිහත්වී ඇති බවටයි.
යුක්රේනයට සම්බාධක පැනවීම නතර කරන්නැයි ද රුසියානු ජනාධිපතිවරයා, අමෙරිකානු ජනාධිපතිවරයාට තරවටු කර තිබෙනවා.
සවන් දීමට සූදානම් බව, සාකච්ඡා ආරම්භයේදී දෙපාර්ශවයම ප්‍රකාශ කළ ද, එය අවසන්ව ඇත්තේ දෙරට අතර ආතතීන් තවත් උත්සන්න කරමින්.
රුසියානු සහ අමෙරිකානු නායකයින් දෙදෙනා එලෙස දුරකතන සංවාදයේ නිරත වූ කාලසීමාව විනාඩි 50 කි.