සාගතයක් අත ළඟ – අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගන්න බන්දුල ඉන්දියාවෙන් , පාකිස්තානයෙන් පිහිට පතයි

0
273

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් ණය ඉල්ලා ඇති බව වාර්තා වේ.

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදාළ රටවල වෙළද අමාත්‍යවරුන් සමග මේ සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා අරඹා ඇති බව ද දැනගන්නට ඇත.

මෙම රටවල් ද ණය පහසුකම් යටතේ ශ‍්‍රී ලංකාවෙන් භාණ්ඩ ලබා ගන්නා බවත්, එබැවින් ඔවුන්ගෙන් ණය පහසුකම් මත භාණ්ඩ ලබා ගැනීම සාමාන්‍ය දෙයක් බවත්, වෙළද අමාත්‍යංශයේ ලේකම්වරිය භද්‍රානී ජයවර්ධන මහත්මිය පවසා තිබේ.

ශ‍්‍රී ලංකාව වැඩි වශයෙන්ම සහල්, ලොකු ළුෑණු සහ අර්තාපල් වැනි භාණ්ඩ මිලදීගනු ලබන්නේ ඉන්දියාව සහ පාකිස්තානයෙනි.

කෙසේ වෙතත්, ඉතාම නුදුරේදී රට සාගතයකට ගොදුරු විය හැකි බවට විවිධ පාර්ශ්ව අනතුරු හගවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here