තේ වගාවටත් අබ සරණයි.තේ පොහොර බෑගයක මිල 8000 ක්

0
296

වසරකට පසු බලන්ගොඩ ප්‍රදේශයේ තේ ගොවින් කිහිප දෙනෙකුට තේ පොහොර ලැබිි තිබුන අතර එලෙස පොහොර ලැබුන තේ ගොවිහුු සදහන් කර සිටියේ කිලෝ පනහක තේ පොහොර බැගයක මිල රැපියල් 8000 ක් පමණ වන බවත් එය පස් ගුණයකට පමණ වැඩි මිලකින් ඉහල ගොස් ඇති බවද තේ ගොවිහුු පැවැසුහ.

මිිට වසරකට පෙර රැපියල් 1500 ට මිලට පැවැති කිලෝ පනහක ⁣තේ පොහොර බැගයක මිල මෙලෙස පස් ගුණයකටත් වැඩි මිලකින් ඉහළ ගොස් ඇතැයි එම පොහොර ලැබුන තේ ගොවිහුු සදහන් කළහ. තමන් විසින් අමුු තේ දළු සපයන තේ් වෙලෙන්දන් විසින් එම පොහොර ගෙනවිත් දුන් බවද තේ ගොවිහුු කිිහ.

තේ් පොහොර බැගයක මිල රැපියල් 1500 ක මිලකට පැවැති කාලයේ තේ අක්කරයක් සදහා එක් රවුමකට කිලෝ පනහයේ පොහොර බැග් පහක් පමණ යොදන බවත් ඒ සදහා රැපියල් 7500 ක පමණ අඩු මුදලක් පොහොර සදහා වැය වු බවද ගොවිහුු පැවැසුහ. නමුත් රැපියල් 8000 බැගින් ලැබුන පොහොර බැග් පහක් තේ වගාව සදහා එක් සැරයකට යෙදිම සදහා රැපියල් 40,000 ක මුදලක් වැය වෙන බවද තේ ගොවිහුු පෙන්වා දෙති.

මාස තුනෙන් තුනට තේ වගාවට පොහොර යෙදිම සිදු කල යුතු බවත් පොහොර සදහා පමණක් දැනට පවතින මිල අනුව රැපියල් එක්ලක්ෂ හැට දහසක අමතර වියදමක් දැරිමට සිදු වන බවද තේ ගොවින් වැඩිදුරටත් පෙන්වා දෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here