අද මධ්‍යම රාත්‍රි සිට බදුල්ල නගරාධිපති ඌව ආණ්ඩුකාරවරයාගේ නියෝගය පරිදි ධූරයෙන් ඉවතට

0
498

බදුල්ල මහනගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා, එම තනතුරෙන් ඉවත් කිරීමට ඌව ආණ්ඩුකාර, ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා විසින් නියෝග කර තිබේ.

2022 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා පරාජය වීම නිසා බදුල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා. මෙය සිදුකර ඇත්තේ ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල් විසින් නිකුත් කළ ගැස2020 දෙසැම්බර 30 වෙනිදා නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව ඩබ්. ඩී. ප්‍රියන්ත අමරසිංහ නම් වූ බදුල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ‘නගරාධිපති ධුරය අතහැර ගියා සේ සලකා’ තිබෙනවා.

අද සිට විධිමත් ආකාරයෙන් අලුත් නගරාධිපතිවරයෙක් පත්වන තුරු නගරාධිපති ධුරයේ වැඩ බැලීම සඳහා දැනට මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා වන අසිත නලින්ද වැඩ ආවරණය කිරීමට ආණ්ඩුකාරවරයා විසින් පත්කර ඇතිබවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) බලය දරන බදුල්ල මහ නගර සභාවේ මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 25යි. ඊට පොහොට්ටුවේ මන්ත්‍රීවරු 8ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 5ක්, එකසත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 9ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 3ක් අයත් වෙනවා. මෙවර අයවැය යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 8ක් පමණයි. මෙතෙක් කලක් ආණ්ඩු පක්ෂයට සහය දුන් ශ්‍රීලනිප කණ්ඩායමද අයවැය ඡන්ද විමසීමේදී ඊට විපක්ෂවයි ඡන්දය දී තිබෙන්නේ. ඒ අනුව 8 ට 17ක් ලෙස නගරාධිපතිවරයාගේ 2022 වසරට අයත් අයවැය යෝජනා පරාජයට පත්වුණා.

එසේම එම තනතුර සඳහා නියෝජ්‍ය නගරාධිපති අසිත නලින්ද රංගේ මහතා (ශ්‍රීලනිප) වැඩබලන නගරාධිපතිවරයා ලෙස පත්කර ඇති බව වාර්තා වෙයි.

බදුල්ල මහනගර සභාව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීධුර 9ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීධුර 8ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ධුර 5ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ධුර 3කින් සමන්විතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here