චීනයෙන් පච්ච තහනමක්.

0
703

පාපන්දු ක්‍රීඩකයන් සිය සිරැරේ පච්ච කෙටීම තහනම් කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබේ.

එරට ක්‍රීඩා පරිපාලන අධිකාරිය නිවේදනය කර ඇත්තේ සමාජයට ආදර්ශයක් සැපයීම සදහා මෙම තහනම ක්‍රියාත්මක කරන බවයි.

ජාතික සහ කණිෂ්ඨ පාපන්දු කණ්ඩායම්වල ක්‍රීඩකයන්ට මෙම තහනම දැඩි ලෙස අදාළ වන බව චීන ක්‍රීඩා බලධාරීන් අවධාරණය කර තිබේ.

ඒ අනුව එම ක්‍රීඩකයන්ට අලුතින් පච්ච කෙටීම සපුරා තහනම් වන අතර දැනට සිරැරේ ඇති පච්ච ද ඉවත් කිරීම කළ යුතුවේ.

එසේ කළ නොහැකි නම් එම පච්ච වසාගෙන ක්‍රීඩා කිරීම කළ යුතු බව ද ක්‍රීඩා බලධාරීන් අවධාරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here