ඇමරිකාවෙන් මුදල් ඉල්ලා ඇෆ්ගන් කාන්තාවෝ පාරට බසිති.

0
713

ඇමරිකාව විසින් රදවා ගෙන සිටින තම රටේ විදේශ වත්කම් මුදා හරින ලෙස ඉල්ලා ඇෆ්ගනිස්තානයේ කාන්තාවෝ උද්ඝෝෂණයක නිරත වූහ.

ටොලෝ නිවුස් වාර්තා කළේ කාබුල් නගරයේ පැවති මෙම උද්ඝෝෂණයට කාන්තා ක්‍රියාකාරිනියන් රැසක් එක්ව සිටි බව පැවසේ.

මෙම මුදල් අයත් වන්නේ තලේබාන් පාලකයන්ට නොව ඇෆ්ගනිස්තාන ජනතාවට බව විරෝධතාකරැවෝ මෙහිදී කියා සිටියහ.

ඔවුන් සදහන් කළේ මෙම මුදල් රදවා තැබීම හේතුවෙන් මතුව ඇති දුෂ්කරතා නිසා ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට සහ ළමුන්ට කුසගින්නේ සිටීමට සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් අදාළ මුදල් නිදහස් කිරීමට පියවර ගන්නැයි ඔවුහු එහිදී ඇමරිකාව වෙත අවධාරණය කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here