වනවාසලදී උත්තරදේවී සීග්‍රගාමි දුම්රියේ මෝටර් රථයක් ගැටේ

0
654

වනවාසල ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ ‘උත්තරදේවී’ සීග්‍රගාමි දුම්රියේ මෝටර් රථයක් ගැටී මෝටර් රථය ගිණිගෙන විනාශ වී ඇති බව වාර්තා වේ.

අද (01) දහවල් 12.45ට පමණ වනවාසල දුම්රිය පොල අසල හරස් මාර්ගයේදී ⁣කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ මෝටර් රථයක් ගැටී අනතුරට පත්වී ගිනිගෙන තිබේ.

මෝටර් රථයේ රියදුරු එම ස්ථානයේම මිය ගිය අතර මෝටර් රථය ගිනි ගැනීමට ලක්වූ අතර එම ගින්නෙන් මෝටර් රථයට දැඩි හානී සිදුව තිබේ. එම ගින්නෙන් දුම්රිය එන්ජිමට දැඩි හානි සිදුව ඇති බව දැක ගන්නට තිබුණී.

මෝටර් රථය දුම්රියේ ගැටීමත් සමග මීටර් 200ක් පමණ ඇදීගොස් ගිනිගැනීම සිදුවී තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ වත්තල හුණුපිටිය කණ්ඩාගේ මාවතේ පදිංචිව සිටි ප්‍රියන්ත ප්‍රනාන්දු 55 යන අයයි අනතුරක් සමඟ මෝටර් රථය ගිනි ගෙන ඇතැයි පොලිසිය කියයි.

අනතුර වෙන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ සියලුම සංඥා ක්‍රියාත්මක තත්වයේ තිබී ඇතැයි පොලිසිය කියයි.

දුම්රියේ ඉදිරිපස කොටසද ගිනිගැනීමකට ලක්ව ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව එය නිවා දමා ඇති බවද වාර්තා වේ.

මේ අවස්ථාව නිසා එම දුම්රියේ ගමන් ගත් මගීන් දැඩි අසීරුතාවකට පත්වූ බව දැක ගන්නට ලැබිණී.

පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here