විමල් – ගම්මන්පිල – වාසුට ඇමැතිධූර නැතිවන ලකුණු

0
358

විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර ඇමැතිධූරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බව ආණ්ඩුවේ දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.
ප‍්‍රභල ඇමැතිධූර දහයකට සංශෝධන එක් කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවද අනාවරණය වේ. ඒ අනුව මෙම ඇමැතිවරු තිදෙනාගේ ඇමැතිධූර ඉවත් කිරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත.

මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමුවූ අවස්ථාවේදීද ජනාධිපතිවරයා මෙම ඇමැතිවරු තිදෙනාගේ කටයුතු සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කර තිබුණි. කැබිනට් සාමූහිකත්වය දැරීමට නොහැකි නම් ඔවුන් ඇමැතිධූරවලින් ඉවත් විය යුතු බව ජනාධිපතිවරයා පවසා තිබුණි.

මීට අමතරව රාජ්‍ය අමාත්‍යධූර කිහිපයකටද සංශෝධන එක් කිරීමට නියමිතව ඇත.

ඒ අතරම රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් කිහිපදෙනෙක් ඉවත් කර ඒ සදහා අලුතින් සභාපතිවරු පත් කිරීමටද නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here