දේවානිව ගම්පහින් මාරු කරයි..!

0
508

ගම්පහ දිසා වනජීවී නිලධාරීනී දේවානි ජයතිලක මහත්මියව වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යැවීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කෘෘඬියා සිලනිකා ශාකය පිළිබඳව කටයුතු කිරිමේ දී ගම්පහ දිසා වන අඩවි නිලධාරිනී දේවානි ජයතිලක තම සීමාව ඉක්මවා කටයුතු කරන බව පෙනී යන්නේ යැයි වන ජීවී හා වන සම්පත් අමාත්‍යංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා මීට පෙර සඳහන් කර තිබුණා.

ඇය දිසා වන නිලධාරිනිය වන බවත් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති කෘෘඬියා සිලනිකා ශාකය පිළිබඳව කටයුතු කරනු ලබන්නේ වනජීවී හා වෘක්ෂලතා පනතේ 42 වගන්තියේ 8 වැනි උපලේඛනයේ ප්‍රතිපාදනයන්ට අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වන බැවින් ඇය තමන්ට අයත් නොවන කාර්යයකට මැදිහත්වී ඇති බවත් ලේකම්වරයා එහිදී සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here