හෙට සිට පාසල් වෑන් රථ ගාස්තුත් වැඩිවෙි

0
398

හෙට (3) දිනයේ සිට පාසල් වෑන් රථ ගාස්තු 20%කින් ඉහළට දැමීමට තීරණය කළ බව එම රියදුරන්ගේ සංගමය පවසනවා.

පසුගිය දා ඉහළ දැමුණු ඉන්ධන මිලට සාපේක්ෂව මෙම ගාස්තු වැඩි කිරීම සිදුකළ බව එම සංගමය සඳහන් කරයි.

බස් ගාස්තු සීයට 17 කින් සහ අවම බස් ගාස්තුව රුපියල් තුනකින් ඉහල දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය පසුගියදා පියවර ගනු ලැබීය.

ඒ අනුව රුපියල් 14 ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 17 දක්වා වැඩිවන බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පැවසීය.

මෙයට අමතරව රුපියල් 17 ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 20 දක්වාත්, රුපියල් 23 ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 27 දක්වාත්, රුපියල් 28 ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 33 දක්වාත්, රුපියල් 33ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 39 දක්වාත් වැඩිකිරීමට නියමිතය.

එම බස් ගාස්තු වැඩිකිරීම ජනවාරි 05 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here