Sunday, September 22, 2024

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීමට තීරණය කරයි

නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ගත් තීරණය නීති විරෝධී බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොණුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

සැප්තැම්බර් මස 01 වනදා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම සළකා බලන බව අද(04) රැස්වූ අගවිනිසුරු කේ ශ්‍රී පවන් මහතා සහ ඊවා වනසුන්දර විනිසුරුවරිය ප්‍රකාශ කළේය.

එම පෙත්සම ව්‍යවස්ථා අර්ථ නිරූපණයත් සමග බැදෙන බැවින් අදාළ තීරණය ගෙන තිබේ.

ව්‍යවස්ථාවට අනුව ජාතික ගීය ගායනා කළ හැක්කේ සිංහල භාෂාවෙන් පමණක් බවත්, එය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්ථා විරෝධී බවත් ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකු පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles