IMF සහාය ගන්නවාද නැද්ද ? – අද කැබිනට් රැස්වීමෙිදී තීරණාත්මක සාකච්ඡාවක්

0
288

රට මේ වන විට මුහුණ දී ඇති බරපතල ආර්ථික හා ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවාද නැත්ද පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් අද (03දා) පැවැත්විමට නියමිත කැබිනට් මණ්ඩල රැස්විමේදි පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

මේ අතර හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හා මහ බැංකු අධිපතිවරයාද කැඳවා  ඇති අතර ඔවුන් දෙදෙනාට රටේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන ලෙසද දන්වා තිබේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට යා  යුතු බවට ඇතැම් අමාත්‍යවරැන් සඳහන් කරන අතර තවත් පිරිසක් සඳහන් කරන්නේ එවැනි ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට නොයා යුතු බවයි.

මහ බැංකු අධිපතිවරයාද අවස්ථා කිහිපයකදී සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවන කොන්දේසි හේතුවෙන් ඔවුන්ගෙන් සහායක් ලබා නොගත යුතු බවයි.

කෙසේ වෙතත් මේ වසරේදී ශ්‍රී ලංකාවට අති විශාල ණය ප්‍රමාණයක් ගෙවිමට තිබෙන අතර ඒ සඳහා ඇත්තේ ඉතාමත් සීමිත විදෙස් සංචිත ප්‍රමාණයක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here