තරැණ සේවා සභාවෙන් අද සිට තරුණ තරුණියන්ට ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දෙයි

0
319

වයස අවුරුදු 15 ට වැඩි 29 ට අඩු සියලු තරුණ තරුණියන්ට ඩිජිටල් හැදුනුම්පතක් හදුන්වා දීම අද සිදු කෙරෙනවා.

ජාත්‍යන්තර පිලිගැනීමට ලක් වූ බ්ලොක් චෙයින් තාක්ෂණය උපයෝගී කරගත් තොරතුරු තාක්ෂණ මෙවලමක් භාවිත කරමින් මෙම හැදුනුම්පත සකස්කර ඇති බව ජාතික තරුණ සේවා සභාව සඳහන් කළේය.

මෙහි තරුණයන්ගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් හා වෙනත් සුදුසුකම් ඇතුළත් දත්ත බැංකුවක් ලෙස භාවිත කිරීමේ හැකියාවක් පවතින අතර සේවා යෝජකයන්ට සුදුසුකම් ලත් තරුණ තරුණියන් රැකියා සඳහා පහසුවෙන් බඳවාගැනීම් සිදු කිරීමට මේ හරහා හැකියාව ලැබෙනවා.

අද නිල වශයෙන් හඳුන්වාදෙන මෙම හැඳුනුම්පත ජාතික තරුණ සේවා සභාව හරහා ඉදිරියේ දී ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති බව ජාතික තරුණ සේවා සභාව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here