Friday, September 20, 2024

කොවිඩ් – 19 වසංගතය 2022 වසරේ අවසාන වන විට පාලනය කළ හැකියි – WHO

සියලු රටවල් එක්ව කටයුතු කරන්නේ නම් කොවිඩ් -19 වසංගතය මේ වසර අවසානය වන විට පාලනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

පටු ජාතිවාදී පදනමින් එන්නත් රැස් නොකර සමානව සියලු රටවල් සඳහා ලබාදිය යුතු බවද එම සංවිධානය පෙන්වා දෙයි.  කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වන විට ලොව පුරා පුද්ගලයන් මිලියන 5.5කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබෙන බව පෙන්වා දෙන එම සංවිධානය පුද්ගලයන් මිලියන 289ක් පමණ ආසාදිතයන් බවට පත්ව තිබෙන බවද කියා සිටී.

එන්නත් රැස් නොකර සමානව සියලු රටවල් සඳහා ලබාදිය යුතු බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබෙනවා.

එවැනි තත්ත්වයක් තුළ 2022 නව වසර සැමරීම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියා කළ යුතු බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩනම් මහතා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් කොවිඩ්-19 පාලනය කිරීම සඳහා මේ වනවිට ක්‍රමවේද කිහිපයක්ම පවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles