භූමිතෙල් අවශ්‍යතාව ඉහළ යාම නිසා ගුවන් යානා ඉන්ධන කෙරෙහි අවධානය

0
340

භූමිතෙල් අවශ්‍යතාව ඉහළ යාම හමුවේ අවශ්‍ය වුවහොත් ඉදිරියේ දී ගුවන් යානා ඉන්ධන වෙළෙඳපොළට නිකුත් කිරීම කෙරෙහි බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.

ගුවන් යානා ඉන්ධන සහ භූමිතෙල්වල සංයුතියේ කිසිදු වෙනසක් නොමැති බවත් භූමිතෙල් ලෙස ගුවන් යානා ඉන්ධන භාවිත කිරීමේ අවදානමක්ද නොමැති බවත් බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඉල්ලුම සපුරාගත නොහැකි අවස්ථාවල මීට පෙරද භූමිතෙල් වෙනුවට ගුවන් යානා ඉන්ධන වෙළෙඳපොළට නිකුත් කර ඇති බවද එම අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ වනවිටත් ගුවන් යානා ඉන්ධන විශාල ප්‍රමාණයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින අතර ලබන මාසයේ දී තවත් ගුවන් යානා ඉන්ධන රැගත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බවත් බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.

භූමිතෙල් නිෂ්පාදනය සඳහා සංස්ථාව මේ වනවිට ලීටරයකට රුපියල් 130 ක පමණ පිරිවැයක් වැය කළ ද භූමිතෙල් ලීටරයක් වර්තමානයේ අලෙවි වන්නේ රුපියල් 87 ක මිලකට යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here