මහ කන්නය විනාශ කරපු ආණ්ඩුව ජනවාරි කන්නයටවත් එකම කෘෂි රසායනයක් ගෙන්වන්න අවසරය ලබාදීලා නෑ

0
284

මහ කන්නය විනාශ කරපු ආණ්ඩුව ජනවාරි කන්නයටවත් එකම කෘෂි රසායනයක් ගෙන්වන්න අවසරය ලබාදීලා නැතැයි සජබ මන්ත්‍රීනි රෝහිණි කවිරත්න කියයි.

“නිසි වෙලාවට කෘෂි රසායනය ආනයනය සිදු නොකිරීමෙන් මහ කන්නය සම්පූර්ණයෙන්ම විනාශ කළ කෘෂිකර්ම අමාත්‍යාංශය, බෙහෙත් ආනයන ලිපි ගොනු මේසය මත තියාගෙන ජනවාරි – මාර්තු කන්නය විනාශ වෙනකල් බකන්නිලාගෙන ඉන්නවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ මත කෘෂි රසායන ගැසට් රිවස් කරපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂත් පඹයෙක් ගේ තත්වයට වැටිලා. මොළ හතක් තියෙනවා කිව්ව මුදල් ඇමති පඹයට අන්දලා, කනින් රිංගලා කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම්ලා මාරු කරනවා.     

රටේ සාගතය ඇවිල්ලා ඉවරයි. ලෝකයේ ආහාර සඳහා වැඩිම මුදලක් වැය කරන රටක් බවට ලංකාව පත් කළේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හොර තක්කඩි රැල යි.

හන්දියක් හන්දියක් ගානේ උද්ඝෝෂණ තිබ්බාට මේ තක්කඩි රැලට ගානක් නෑ. පල්ලියක් කෝවිලක් ගානේ පළි ගැහුවාට මේ තක්කඩි රැලකට ගානක් නෑ. කුඹුරු ටික වල් වලින් වැහිලා, කුඹුරු පිදුරු වෙනවා. මේ තක්කඩි රැලට ගානක් නෑ. බඩ ඉරිඟු වගාව 80%කින් විනාශ වෙලා. මේ තක්කඩි රැලට තවම ඇහැරිලා නෑ. එළවළු පළතුරු ටික කෘමි නාශක නැතුව ගස් යට කුණු වෙලා විනාශ වෙනවා. මේ තක්කඩි කොමිස් ගහන්න බලාගෙන ඉන්නවා.”

ඇය මෙලෙස ප‍්‍රකාශකලේ රත්තොට පැවති උත්සවයක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here