ජනාධිපතිවරයාට අපහාස වන ලෙස සමාජ මාධ්‍ය ජාලා හෝ වෙනත් ඕනෑම මාධ්‍යක Post පළකිරීම Share කිරීම තහනම්- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

0
275

ජනාධිපතිවරයාට අපහාස වන ලෙස සමාජ ජාලා මාධ්‍ය හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක ප්‍රකාශ නිකුත් කිරීම හා හුවමාරු කිරීමක් සිදුකළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.

කිසියම් අෙයකු එය එසේ සිදු කළහොත් ඔහුට හෝ ඇයට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමේ හැකියාවක් පොලීසියට ඇති බවද ඔහු පැවසීය.

ජනාධිපතිවරයාට අපහාස වන ලෙස පිරිසක් සිදුකල ප්‍රකාශයක් හුවමාරු කලේ යයි රහස් පොලිසිය ප‍්‍රශ්ණ කල බවට කාන්තාවක් මාධ්‍ය හමුවක් පවත්වමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කරන ලදී.

අදාල කාන්තාව කියා සිටියේ සමාජජාල හරහා හුවමාරු වූ ඡායාරූපයක් තමන් විසින්ද බෙදා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප්‍රකාශ ලබා ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here