වෛද්‍ය වර්ජනයෙන් රෝගීහූ දැඩි දුෂ්කරතාවයක..

0
420

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා රෝහල්වල ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝගීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම වර්ජනය ක්‍රියාත්මක කළේ, මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමට ගෙන යන වැඩපිළිවෙළ ඇතුළු කරුණු කිහිපයක් පදනම් කර ගනිමිනි.

වර්ජනයට රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය ද එක්ව සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ ය.

අප වාර්තාකරුවන් පැවසුවේ, බාහිර රෝගී අංශ වෙත ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් දිගු වේලාවක් පෝලිම්වල රැඳී සිටිමින් දැඩි අපහසුතාවට පත්ව සිටි බව ය.

වර්ජනය හේතුවෙන් සෑම රෝහලක ම පාහේ ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලීන්ද හේරත් මහතා පැවසුවේ, ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනය ඉතා සාර්ථකවූ බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here