Sunday, September 22, 2024

අර්බුදය ගැන කතා කරන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන්න

ජනතාව දැවෙන ප්‍රශ්න ගැන කතා කිරීමට කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල කියයි.

රටක මෙවැනි දැඩි අර්බුද පවතින විට වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව ඔහු කියයි.

ඩොලර්, ගෑස් නොමැතිව ගොවි ජනතාව දැඩි අර්බුදයකට පත්ව සිටින අතර ඉන්ධන ප්‍රශ්න නිසා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සියලු ප්‍රශ්න තියෙද්දී රජය පාර්ලිමේන්තුව වැසු බවත් විපක්ෂය අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ආණ්ඩුවට හැකියාවක් නැති බවත් කිරිඇල්ල මහතා පවසයි.

අපි රජයට කියනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න. අපිට බලාගෙන ඉන්න බැහැ අදහස් ප්‍රකාශ කරන්න අවස්තාවක් නැහැ. රජයේ නිතරම කියනවා විපක්ෂයට සහයෝගය දෙන්න කියලා නමුත් එය ලබා දෙන්න පුළුවන් පාර්ලිමේන්තුව ඇතුළෙ විතරයි. රජය කරන කිසිම වැඩකට අපෙන් උදව් ඉල්ලා නැහැ යනුවෙන් ද ඔහු පැවසුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles