Sunday, September 22, 2024

මින් ඉදිරියට කිසිම තනතුරක් භාරගන්නේ නෑ කියන පී.බී.ගේ ඉල්ලා අස්වීමෙි ලිපියෙන් ව්‍යාපාරික මාෆියාවෙි නමිගමි එක්ක පීබී රහස් හෙළි කිරීම අරඹයි. ලියුම ජනපති ළඟ

ජනවාරි මස 31දා තමන් ජනාධිපති ලේකම් ධුරයෙන් විශ්‍රාම ලැබූ පසු රජයේ උපදේශක තනතුරක් හෝ වෙනත් කිසිදු රාජ්‍ය වගකීමක් බාරනොගන්නා බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටිනවා.

තමන් රැකියා විරහිත උපාධිධරයකු නොවන බැවින් තවදුරටත් රජයේ තනතුරු අපේක්ෂා නොකරන වග ආචාර්ය ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළා. ජනාධිපති ලේකම් ධුරයෙන් සමුගත් පසු තමන්ගේ රාජකාරි අත්දැකීම් අලලා ග්‍රන්ථයක් සම්පාදනය කරන බව ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියා. චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරුන්ගේ ආණ්ඩුවල වගකිවයුතු ඉහළම තනතුරු දැරූ තමා ඉදිරි කාලයේ නිදහසේ සිටීමට අපේක්ෂා කරන බැවින් ඊට සැමගේ සහයෝගය අපේක්ෂා කරන්නේ යැයිද හිටපු ජනාධිපති ලේකම්වරයා පවසනවා.

අභිනව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාට තමන් සුබ පැතූ බවද සඳහන් කළ ආචාර්ය ජයසුන්දර හෙතෙම මෙම තනතුර දැරීමට අත්දැකීම් හා හැකියාව ඇති කාර්යක්ෂම නිලධරයකු බව ද සඳහන් කළා. අභිනව ජනාධිපති ලේකම්වරයාට අවශ්‍ය ඕනෑම සහායක් ඔහුගේ අවශ්‍යතාව පරිදි පිටත සිට ලබාදීමට කැමැති බවත් ජයසුන්දර මහතා අවසාන වශයෙන් කියා සිටියා.

මෙි අතර ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි අතිශය සංවේදී රහස් රැසක් සඳහන් කොට ඇති බව දැනගන්නට තිබේ.

පිටු 04කින් සමන්විත මෙම ඉල්ලා අස්වීමේ ලිපියෙහි ආර්ථිකය සම්බන්ධ කරුණු කිසිවකට පසුගිය කාලයේ තමන් සහභාගි නොවුණු බවත්, ඒ කිසිවක වගකීම තමන්ට ගත නොහැකි බවත් පී.බී. ජයසුන්දර මහතා විසින් ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බව වාර්තා වේ.

එමෙන්ම මේ වන විට රට ඇතුළේ ක්‍රියාත්මක ව්‍යාපාරික මාෆියාවක් සම්බන්ධයෙන්ද අතිශය රහස් තොරතුරු රැසක් ජයසුන්දර මහතා විසින් මෙම ලිපිය හරහා ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බව සඳහන්වේ.

එහිදී ව්‍යාපාරිකයන් තිදෙනකුගේ නම්ගම් ඊට ඇතුළත් කිරීමටද ජයසුන්දර මහතා පියවර ගෙන ඇති බව පැවැසේ.

මීට අමතරව තමන්ට එරෙහිව චෝදනා නඟා ඇති මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මෙම ලිපිය හරහා ජනාධිපතිවරයාට දැනුම්දීමටද ජයසුන්දර මහතා කටයුතු කොට ඇති බව දැනගන්නට ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles