2014දී අග‍්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු නරේන්ද්‍ර මෝදි අහමදාබාද් සිට නවදිල්ලිය බලා පියාසර කළේ පුද්ගලික ගුවන්යානයකිනි. මෙම යානය මත අදානි එන්ටර්ප‍්‍රයිසස්හි නිල ලාංඡනය කැපී පෙනෙන ලෙස සලකුණුකර තිබිණි. මෝදි දිල්ලියට පැමිණ තිබුණේ ගෞතම් අදානිගේ ගුවන්යානයකින් බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. ගෞතම් අදානි බලපුළුවන්කාර පුද්ගලයන් නම්මා ගැනීමෙහිලා ප‍්‍රවීණයකු විය. මෙය ඔහුට, දේශපාලන ප‍්‍රතිපත්ති සම්පාදනයේ දී බලපෑම් එල්ල කිරීමට සහ තමාට වාසිදායක වන අයුරින් තීරණ ගැනීම මෙහෙයවීමට උපකාරී විය. මේ වන විට ඉන්දියාවේ විශාලතම පුද්ගලික වරාය කළමනාකරණ සමාගම වන්නේ අදානි පෝට්ස් සමාගමයි. මුන්ද්‍රා වරාය ගුජරාටයේ පිහිටා ඇත. 1996 දී ස්ථාපිත අදානි පවර් සමාගම ඉන්දියාවේ විශාලතම පුද්ගලික බලශක්ති සමාගම යි. 1991 සිට විසි වසරක් තුළ, ඇමෙරිකානු ඩොලර් බිලියන 78ක් වටිනා ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනංවන්නට ගෞතම් අදානි සමත් වී තිබේ. මෙය, පසුගිය ජුනි 14 වැනිදා ඔහුගේ කොටස්වල මිල පහත වැටීමට පෙර, ඔහුගේ ව්‍යාපාර සමූහයේ වටිනාකම යි. මොහු ඉන්දියාවේ මෙන්ම ආසියාවේද ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයෙන්ම දහතුන් වැනියට ධනවත්ම තැනැත්තා ද වන්නේ ය. 2020 දී ඔහු මුම්බායි ගුවන්තොටුපළේ කොටස් 74% මිලදී ගත්තේය. කොළඹ වරායේ අක්කර පහක් වූ බටහිර බහාලූම් පර්යන්තයේ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශ‍්‍රී ලංකා රජය, අදානි සමූහයත් සමග පසුගිය සැප්තැම්බර් මස 30 වැනිදා ගිවිසුම් අත්සන් කළේ ය. මෙමඟින් එහි 51%ක කොටස් අදානි සමූහයට හිමිවෙයි. අදානි සමූහයේ මෙරට නියෝජිත ජෝන් කීල්ස් සමාගමට කොටස් 34%කුත්, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට 15%ක කොටස් ද හිමිවෙයි. මෙය ඩොලර් මිලියන 700ක ආයෝජනයකි. කන්කසන්තුරේ වරාය ද වාණිජ වරායක් ලෙස සංවර්ධනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය ඉන්දීය එක්සිම් බැංකුව සමග 2018 වසරේ දී ගිවිසුමකට එළඹිනි. එසේ එළඹුණේ කන්කසන්තුරේ වරාය සංවර්ධනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 45.27ක ඉන්දීය ණය ආධාර ලබා ගැනීම සඳහා ය. කන්කසන්තුරේ වරාය නැගෙනහිර ඉන්දියාවේ සියලූ වරායන්වලට ද, බංග්ලාදේශයේ සහ මියන්මාරයේ වරායන්වලට ද වඩාත් සමීපතම වරාය වේ.
දැන් බොහෝ දෙනා කතා කරන්නේ ‘ටි‍්‍රන්කොමලී පෙට්රෝලියම් ටර්මිනල්ස් ලිමිටඞ්’ ගැනය. මෙම සමාගම ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධව පිහිටුවීමට යෝජනා වී ඇත්තේ ලංකා ෂධක් සමාගම සමග ඒකාබද්ධව යි. පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් නිර්මාණය කළ ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය මුලින් තෙල් ටැංකි 101කින් සමන්විත විය. එයින් දැනට ඉතිරිව ඇත්තේ ටැංකි 99ක් පමණි. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි එක්ව 1987 ජුලි මාසයේදී අත්සන් තබන ලද ඉන්දු-ලංකා ගිවිසුම ප‍්‍රකාර ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව හැර වෙනත් කිසිදු රටක් සමග ගනුදෙනු නොකිරීමට ශ‍්‍රී ලංකාව බැඳී සිටියි. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සටන් විරාම ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව, 2003 දී අගමැති රනිල් වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ පාලනය ඉන්දීය ඛනිජ තෙල් සමාගම (IOC) සමග ගිවිසුමකට අත්සන් තැබුවේය. එම ගිවිසුමට අනුව ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99ක් වසර 37ක කාලයක් සඳහා බදුදීම මෙන්ම, ශ‍්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් 1/3ක් ඉන්දීය ඔයිල් සමාගමට පැවරිණි. එවක් පටන් ඉන්දීය ඛනිජ තෙල් සමාගම භාවිතකර තිබෙන්නේ ඒ අතරින් ටැංකි 14ක් පමණි.
2017 වසරේ මෙම යෝජනාව සාකච්ඡාවට ලක්වූ අවස්ථාවේ තෙල් වෘත්තීය සමිති වර්ජනයක නිරත වූ අතර ඒ හේතුවෙන් ඇති වූ තෙල් හිඟය නිසා මහ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්විය. වෘත්තීය සමිති විරෝධතාව අවසන් වූයේ, තෙල් ටැංකි බදු දීමේ ක‍්‍රියාවලියකට හෝ යොමු කිරීමට පෙර ඛණිජ තෙල් වෘත්තීය සමිති සමග සාකච්ඡුා කරන බවට යහපාලන රජය දැක්වූ එකඟතාවකින් අනතුරුවය.
රාජපක්ෂ ආණ්ඩුව ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයකට පත්ව සිටින නිසා ඩොලර් හිඟයට පිළියමක් ලෙස, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ආනයනය සඳහා ඇමෙරිකා ඩොලර් කෝටි 100ක පමණ ණයක් ලබා දීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ. එම ණය මුදල මුදල් වශයෙන් නොව, ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා ණය පහසුකමක් ලෙස ලැබෙනු ඇත. මීට අමතරව ඉන්ධන මිල දී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි පනහක මුදලක්ද, හුවමාරු ණයක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 40 ක් ද ලබාදීමට ඉන්දියාව එකඟතාව පළකර ඇතැයි දැනගන්නට ඇත. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගිය වසරේ ඉන්දියාවේ කළ සංචාරයකදී එරට බලධාරීන් සමග කළ සාකච්ඡුාවක ප‍්‍රතිඵලයක් ලෙස මෙම ණය පහසුකම ලැබෙනු ඇත. චීනය ලංකා සබදතා යම් අර්බුදකාරී තත්ත්වයට පත්වූයේ පොහොර නැව නිසාය. මේ අවස්ථාවේ දිල්ලිය ලංකා ආණ්ඩුවේ සහයට පැමිණියේ සද්භාවයෙන්ද නැද්ද යන්න වෙනම කතාවකි. නමුත් ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගනුදෙනුව ඉන්දීය මාධ්‍යවලත් ප‍්‍රමුඛ පුවතක් වී ඇත. මේ අතර රාජපක්ෂවරුන් සමග හිතවත් භාරතීය ජනතා පක්ෂයේ රාජ්‍ය සභා මන්ත‍්‍රී සුබ‍්‍රමනියම් ස්වාමි දෙසැම්බර් 30 වැනිදා නිකුත්කර තිබූ ට්විටර් පණිවුඩයක් පිලිබ
දව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි. එහි සදහන්ව තිබුණේ ඉන්දියාවට දිගුකාලීනව ඉන්දියන් සාගරයේ මිත‍්‍රයකු අවශ්‍ය නම්, ඉන්දියාව ශ‍්‍රී ලංකාවේ රාජපක්ෂ රජයට ඩොලර් බිලියන 10 ක ණයක් ලබා දිය යුතු බවයි. එසේ නොවන්නේ නම් චීනයට තවත් කනිෂ්ඨ හවුල්කරුවකු ලබා ගැනීම වැළැක්විය නොහැකි බවත් බොහෝ විදේශ ප‍්‍රතිපත්ති ප‍්‍රශ්නවලදී මෝදි රජය අසමත් වී ඇත. ශ‍්‍රී ලංකාව තවත් එකක් නොවේවා යනුවෙන්ද එම පණිවුඩයේ සදහන්ව තිබිණි. චීන ආණ්ඩුව ඉන්දියාවට අයත් අරුණාචල් ප‍්‍රදේශ් තම භූමියේ ‘සහජ කොටසක්’ බව පවසද්දී ලංකාව තමන්ගෙන් ඉවතට විසිවී යනු දැකීම දිල්ලිය සතුටු කරන්නක් නොවේ. ඉන්දීය බ‍්‍රාහ්මණ මතය වඩා හො
දින් නියෝජනය කරන්නෙක් ලෙස රාජ්‍ය සභා මන්ත‍්‍රී සුබ‍්‍රමනියම් ස්වාමි පෙන්වා දිය හැකිය.
පසුගිය ඔක්තෝම්බර් මාසයේ ශ‍්‍රී ලංකාවේ සංචාරය කළ සුබ‍්‍රමනියම් ස්වාමි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවේ නායකයන් හමුවිය. සුබ‍්‍රමනියම් ස්වාමි මහතා නැවතත් හමුවීමට ලැබීම සතුටක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම හමුවේදී ප‍්‍රකාශ කර තිබිණි. ඉන්දියාවේ අමාත්‍යධූර කිහිපයක් හොබවා ඇති ස්වාමි මහතා ශ‍්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ශක්තිමත් මිත‍්‍ර සම්බන්ධතාවක් වෙනුවෙන් පෙනී සිටි සහ ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ඉන්දියාව සහය විය යුතු බවට සෘජුවම පෙනී සිටි අයෙකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේදී සංවිධානය කෙරුණු සම්මන්ත‍්‍රණයක ප‍්‍රධාන දේශනය පැවැත්වූයේද සුබ‍්‍රමනියම් ස්වාමි මහතාය. කොටි ත‍්‍රස්තවාදය අතුගා දැමීම ගැන ඉන්දියාව විසින් ශ‍්‍රී ලංකාවට ප‍්‍රසාදය පලකළ යුතු බවද නිරන්තරවම ප‍්‍රකාශ කළ ඉන්දීය දේශපාලඥයා ස්වාමි මහතා වේ. මොදී ආණ්ඩුව සුබ‍්‍රමනියම් ස්වාමිගේ යෝජනාවට කවර ප‍්‍රතිචාරයක් දක්වන්නේද යන්න අපට පැහැදිලි නැත. ලංකාව පිළිබද තීරණ ගැනීමේදී අගමැති මෝදිට උපදෙස් ලබා දෙන්නේ ජාතික ආරක්ෂක උපදේශ අජිත් දොවාල් සහ විදේශ ඇමැති එස්. ජයිසංකර් විසිනි. මේ දෙදෙනා නම් රාජපක්ෂ ආණ්ඩුව සම්බන්ධව යහපත් ප‍්‍රතිචාර දක්වන අය නොවන බව ප‍්‍රකට රහසකි. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ලබන ජනවාරි 10 සිට 12 දක්වා පැවැත්වෙන ‘වයිබ‍්‍රන්ට් ගුජරාට්’ සමුළුවට සහභාගී වීම සඳහා නැවත ඉන්දියාව බලා යනු ඇත. ඔහු එම උත්සවයේ දී අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට ඉඩ ඇති බව හින්දු පුවත්පතේ ස
දහන්ව තිබිණි. බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවට යන්නේ චීන විදේශ ඇමැති වැන් යී මහතා ලංකාවේ සංචාරය කිරීමෙන් පසුවය. චීන විදේශ ඇමැති ලංකාවේ සංචාරය කරන්නේ ජනවාරි 8-9 දෙදින තුළය. චීන-ශ‍්‍රී ලංකා රාජ්‍යතාන්ත‍්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරය සහ චීනය සහ ශ‍්‍රී ලංකාව අතර රබර් – සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය සනිටුවහන් කිරීම පිණිස මෙම සංචාරය සිදු කෙරෙන බව චීන විදේශ අමාත්‍යාංශය ප‍්‍රකාශ කර තිබිණි. වසංගතය අතරතුර, චීනය හදිසි ණය මගින් ශ‍්‍රී ලංකාවට සැලකිය යුතු ආධාර ලබා දී ඇති අතර, එය ඩොලර් බිලියනයකට වඩා වැඩි මුදලකි. ඩොලර් බිලියන 1.5 ක මුදල් හුවමාරුවක් ද ලබා දී ඇති අතර ශ‍්‍රී ලංකාව තුළ ලබා දෙන එන්නත්වලින් 80% කට වඩා වැඩි ප‍්‍රමාණයක් සිනෝෆාම් වේ.
චතුර පමුණුව