Sunday, September 22, 2024

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ප්‍රමිතියකින් තොරයි- ජ .වි .පෙ .

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිගත නොහැකි බවට වෛද්‍ය සභාව පවසන කරුණ රටේ ජනතාව පිළිගත්තද, මේ රටේ පාලකයන් එය පිළිනොගැනීම අවාසනාවට කරුණක් බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

වෛද්‍ය සභාව පිහිටුවා තිබෙන්නේ රජය විසින් බවත්, ඔවුන් සෑම විටම කටයුතු කරන්නේ රට ගැන සිතා බවද ඔහු පවසා සිටියේය.

එහෙත් වර්තමාන ආණ්ඩුවත්, පසුගිය ආණ්ඩුවත් වෛද්‍ය සභාවේ මතය පිළිනොගෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඉස්මතු කිරීමට හා අධ්‍යාපනය විකුණා දැමීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ප්‍රමිතියකින් තොර බවට තහවුරු කර තිබෙන බවත්, මේ නිසා එම ආයතනයෙන් බිහිවන්නෙත් ප්‍රමිතියකින් තොර වෛද්‍යවරුන් බවත්, මේ නිසා අදාළ ප්‍රශ්නය රටේම ප්‍රශ්නයක් බවද ඊයේ  (04දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී බිමල් රත්නායක මහතා පවසා සිටියේය.

 

Related Articles

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles