Sunday, November 17, 2024

ආණ්ඩුවේ ඉදගෙන විවෙචන බෑ.ඉන්නවනම් ඉන්න නැත්නම් එළියට බහින්න! කැබිනට් රැස්වීමෙිදී ජනපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි

ආණ්ඩුව ඇතුළේ ඉදගෙන ආණ්ඩුව විවේචනය කරන අය සිටී නම් ආණ්ඩුවෙන් එළියට ගොස් විපක්ෂයේ ඉදගෙන විපක්ෂයේ කාර්යබාරය කරන ලෙසත් එසේ නොමැති නම් ඒ අය ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තමාට සිදුවෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (03) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි ඇමැතිවරුන් හමුවේ බරපතල ආවෙිගාත්මක ප්‍රකාශයක් සිදු කර ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබෙි.


කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදී අංක 49 කැබිනට් පත්‍රිකාව අතට ගත් ජනාධිපතිවරයා රජය විසින් තව ස්වල්ප වේලාවකින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත විශේෂ සහන මල්ල ඇතුලත් මුදල් ඇමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාව කියවන ලදි.


ඉන්පසුව ඇමැතිවරුන් ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ ඉතාම අසීරු තත්ත්වයකදී වූවද ජනතාව සදහා මෙවැනි සහන මල්ලක් දීමට රජය විසින් තීන්දු කර ඇති අවස්ථාවකදී ඒ පිළිබද ජනතාව තුළ මතයක් හදනවා වෙනුවට ආණ්ඩුවේ ඇතුලේ සිට ආණ්ඩුවම විවේචනය කිරීම තවදුරටත් බලා සිටීමට නොහැකි බවත් එසේ විවේඡනය කරන අය සිටී නම් විපක්ෂයේ අසුන් ගත හැකි බවත්ය. තවද සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ආණ්ඩු විරෝධී විවේචනය පිලිබදවද මෙහිදී ජනාධිපතිතුමාගේ දැඩි අප්‍රසාදය පළවිය.

ආණ්ඩුව අභ්‍යන්තරයේ සිට ආණ්ඩුවේ ක්‍රියාමාර්ග විවේචනය කරන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැනි පුද්ගලයින් ඕනෑම අවස්ථාවකදී අමාත්‍ය ධුරවලින් කිරීමට තමාට ඕනෑම අවස්ථාවක බලය ඇතැයි ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා.

ආහාර අර්බුදයට අදාල විෂයභාර ඇමැතිවරුන් සහ ප්‍රතිපත්තිමය තීන්දු ගත් පුද්ගලයන් වගකිව යුතු බවටත්, රට මුහුණ සිටින බරපතල අර්බුදයන්ට විසඳුම් දිය හැකි කාලය ඉක්මවා ගොස් ඇති බවත් දැන් මේවාට විසඳුම් දිය හැක්කේ වෙනත් කණ්ඩායමකට බවටත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පසුගියදා පවසා තිබුණා.

බඩු මිල වැඩි වීමට වෙළඳ ඇමැති කෘෂිකර්ම ඇමැති, ආහාර ඇමැති වගකිවයුතු බවත් කෘෂිකර්ම ඇමැති සම්පූර්ණයෙන්ම ‘ෆේල්’ බවයි ඔහු පවසා තිබුණේ.

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත විසින් සිදුකළ එම ප්‍රකාශයන් සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන හා මහින්දාන්නද අලුත්ගමගේ යන අමාත්‍යවරුන් දෙදෙනා ජනාධිපතිවරයාට පැමිණිලි කළ බව මාධ්‍ය වාර්තා කළා. ජනාධිපතිවරයා දැඩි ආවේගයෙන් යුතුව සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා ඉලක්ක කර ගනිමින් ඉහත ප්‍රකාශය කර ඇත්තේ ඉන් අනතුරුව බවයි වාර්තා වන්නේ.


තමාට විරුද්ධව පනස් පන්ලක්ෂයක ඡන්දය ප්‍රමාණයක් ප්‍රකාශ කර තිබෙන බවත් ඒ අය සමග එකතු වීම ගැන තමාගේ කිසිම කණගාටුවක් නොවන බවත් ජනාධිපතිවරයා තව දුරටත් අවධාරණය කර සිටියේය.ඒ නිසා විපක්ෂයේ කාර්ය කරන්න අවශ්‍ය නම් වහාම විපක්ෂයට ගොස් ආණ්ඩුව විවේචනය කරන ලෙස නැවත පැවසීය.


ජනාධිපතිවරයා දැඩි ස්වරූපයකින් එම ප්‍රකාශය සිදු කරන අවස්ථාවේදී පහුගිය දිනවල කැබිනට් මණ්ඩලයට එරෙහිව අධිකරණයට ගිය විමල්,උදය,වාසු යන කැබිනට් ඇමැතිවරුන් නිහඬව සිටීමද විශේෂත්වයකි.


මෙම කැබිනට් මණ්ඩල රැස්වීම 2022 අවුරුද්දේ ප්‍රථම කැබිනට් මණ්ඩල රැස්වීමද වීම තවත් විශේෂත්වයකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles