Sunday, September 22, 2024

ඩයලොග් ප්‍රධාන විධායක නිලධාරියාට සම්මාන

ගෝලීය ජංගම දුරකථන ක්‍ෂේත්‍රය මෙහෙයවන GSM සංගමය විසින් “2016 ආසියාවේ ජංගම දුරකථන ක්‍ෂේත්‍රය සඳහා
විශිෂ්ඨතම දායකත්වයක් ලබාදීම වෙනුවෙන් පිරිනැමෙන සම්මානය” ඩයලොග් ආසියාටා PLC  ආයතනයේ සමූහ ප්‍රධාන විධායක ආචාර්ය හාන්ස් විජයසූරිය වෙත හිමිවී ඇත.
GSM  සංගමය පැහැදිළි කරන ආකාරයට “මෙම සම්මානය 2016 ආසියා ජංගම දුරකථන සම්මාන උළෙ‍ලේ උසස්ම සම්මානය ලෙස සැලකේ. ආසියානු ජනතාව, ව්‍යාපාර සහ සමාජ සඳහා ලබාදෙන ජංගම සන්නිවේදනය උසස් තත්ත්වයකට ගෙන ඒම සහ ඔවුන් වෙත වැඩිම ප්‍රතිලාභ පිරිනැමීම සඳහා තිරසාර හෝ සුවිශේෂී දායකත්වයක් ලබාදෙන තනි පුද්ගලයින්, සංවිධාන හෝ සහයෝගිතා අගයමින් මෙම සම්මානය පිරිනැමේ” චීනයේ ෂැංහයි නුවර පැවැති ආසියානු ජංගම දුරකථන සම්මාන උළෙ‍ලේදී මෙම සම්මානය ආචාර්ය හාන්ස් ජයසූරිය වෙත පිරිනැමුණු අතර ඒ සමගින් ඔහු පළමු වරට පිරිනමන ලද මෙම සම්මානය දිනාගත් පළමුවැන්නා බවට පත්විය. ආචාර්ය හාන්ස් විජයසූරිය ට්ඉර් සංගමයේ අධ්‍යක්ෂ ජනරල් මැට්ස් ග්‍රෑන්යාඩ් මහතා (මැද) අතින් සම්මානය ලබාගනිමින්. ර්ධඡඪතඥ එධපතඤ ඛිචනඪබචත හි සාමාන්‍යාධිකාරිනී තෙරිස් ජර්මා මහත්මියද ඡායාරූපයේ සිටියි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles