Sunday, September 22, 2024

පොලිස් ලොක්කෝ 14 ක් තව උසස් වෙයි.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කර තිබේ.

එම පත් කිරීම්වලට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය හෙට(05) පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බව සඳහන්ය.

ඒ පොලිස් මුලස්ථානයේදීයි.

රාජකාරී පදනම මත මෙම පත් කිරීම් සිදු කර ඇති බව වාර්තා වෙයි.

එම පත් කිරීම්වලට අදාළ පොලිස් නිලධාරීන්ගේ නාම ලේඛනය පහත පරිදි වෙයි,

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-අජිත් රෝහණ
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-වසන්ත වික්‍රමසිංහ
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-පද්මලාල් සදුන්ගහවත්ත
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-චම්පික සිරිවර්ධන
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-ප්‍රියන්ත ජයකොඩි
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-නිමල් පෙරේරා
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-මර්වින් වික්‍රමසිංහ
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-ග්‍රෙගරි කුරේ
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-ආර්.එන්.වැලිකන්න
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-ආර්.එල්.රණවීර
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-කේ.බී.මහගෙදර
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-එම්.බී.ඇල්ලේපොළ
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-ඩේවිඩ් ගජසිංහ
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-පාලිත ප්‍රනාන්දු

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles