බෙදීමට තිබූ ලිපි ළඟ තබාගත් පියුම්

0
321

බෙදීමට තිබූ ලිපි ළඟ තබාගත්තැයි මාතලේ බලකඩුව ප්‍රදේශයේ ලියුමි බෙදන්නකුගේ සේවය අද (04) සිට  වහාම අත්හිටු වු බව මාතලේ ප්‍රාදේශිය තැපල් අධිකාරි අනුර රත්නායක මහතා පැවසීය.

උකුවෙල තැපල් කාර්යාලයට අනියුක්ත මොහු බලකඩුව ,පංසලතැන්න යන වතුවල  ලියුමි මාසයකට වැඩිකාලයක් බෙදිම සිදු කර නොමැති බව පරික්ෂණ වලින් හෙලිවි ඇතැයි ප්‍රාදේශිය තැපැල් අධිකාරීවරයා පැවසීය.

මෙම ලියුම් බෙදන්නා බාරයට ගත් ලියුම් 10 කට වැඩි ප්‍රමාණයක් ඔහුගේ බලකඩුව  ප්‍රදේශයේ පිහිටි  නිවසේ තිබි සොයා ගෙන තිබේ.

ඒ අතර  ප්‍රාදේශීය රාජකාරි,පාසල් ලමුන්ගේ විභාගවලට සමිබන්දව ලිපි,සහ මුල්‍ය ආයතන වල ලිපිතිබුන බවත් ඒවායෙන් ඇතැමි ලිපි වේයෝ කා විනාශ වි තිබුණු බවද තැපල් අධිකරි අනුර රත්නායක මහතා පැවසීය .  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here