Monday, November 18, 2024

TikTok වීඩියෝවක් මුල්කරගත් ආරවුල පිහිඇනුමකින් කෙළවර වෙයි

ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී 17 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මොහොමඩ් අබ්දුල් ලතිප් මුනාක් නමැති මියගිය තරුණයා පාසල් ගමන අතෑරන ලද අයෙකි.

ග්‍රෑන්ඩ්පාස් – මාදම්පිටිය පටුමඟ ප්‍රදේශයේ දී දෙපිරිස අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර, පසුව පිහියකින් ඇණ මෙම ඝාතනය සිදුකර ඇත.

සැකකරුවන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඝාතනයට ලක් වූ තරුණයා තම මිතුරන් දෙදෙනකු ගමන් කරමින් සිටියදී මෙම බහින් බස් වීම සිදුවීමෙන් පසු ගැටුම සිදුව ඇත.

පොලිසිය සදහන් කරන්නේ ටික් ටොක් වීඩියෝවක් පිලිබද ඇති වූ බහින් බස් වීමක් මත මෙම ගැටුම ඇතිව තිබෙන බවයි.

මේ වනවිට සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ටික් ටොක් යනු, ගත වූ වසරක දෙකක පමණ කාලයක සිට ලංකාව තුළ බරපතළ ලෙස ජනප්‍රිය වූ මාධ්‍යයක්.

ලෝකයේ රටවල් කිහිපයක ම මෙම ටික් – ටොක් මාධ්‍යය තහනම් කර තිබීම ද විශේෂත්වයක් වන අතර, අසල්වැසි ඉන්දියාව තුළ ද මෙය තහනම් කර තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles