පොලිස් විශේෂ කාර්ය බලකායට වාහන 150 ක්, පොලීසියට ජීප් රථ 750 ක්, ලංගමයට බස් 500 මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

0
321

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 32 නව බස්රථ 500ක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2020 වසරේ ජනවාරි මස 8 වනදා ඒ සඳහා අනුමැතිය හිමිව ඇති අතර, බස්රථ මිල දී ගැනීම සඳහා පූර්ව සුදුසුකම් සපුරන ලද ආයතන 3කින් ලංසු කැඳවා තිබේ.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය පදිරි එම බස්රථ මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගම වෙත ලබාදීමට ද ප්‍රවාහන අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මෙි අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහා ජීප් රථ 150 ක් ඇතුළුව ශ්‍රී ලංකා පොලිසිය සඳහා ජීප් රථ 750 ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය (Indian Line of Credit) යටෙත් මිල දී ගැනීම පිණිස 2020 නොවැම්බර් මස 16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව ඉන්දියානු අපනයන ආනයන බැංකුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති සමාගම් වෙතින් ලංසු කැඳවා ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය ඉන්දියාවේ මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here