මෙි වසර අවසානයට පෙර ආණ්ඩුව පිපිරෙන්න ළඟයි

0
365

මේ වසර අවසන් වන්නට පෙර ආණ්ඩුවත් පිපිරී යාමට නියමිත බව ඉතා පැහැදිලි යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. ආණ්ඩුවේ පිපිරීම හමුවේ ජනතාව රැක ගැනීමට සිටින එකම නායකත්වය සහිත පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය පමණක් යැයිද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය ක්‍රියාකාරී හමුවකට එක්වෙමින් විජයවර්ධන මහතා කීවේ පක්ෂයක් ලෙස අප විවිධ අභියෝගවලට මුහුණ දුන් නමුත් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා දැන් බොහෝ පාර්ශ්ව සහාය දෙමින් සිටින බවයි. මේ එක්සත් ජාතික පක්ෂයට තීරණාත්මක වසරක් බව ද විජයවර්ධන මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here