20 වහාම අවලංගු කර 19 අඩු පාඩු සකසා ගෙන ආ යුතුයි

0
368

20 වැනි සංශෝධනය වහාම අවලංගු කළ යුතු බවත් 19 වැනි සංශෝධනයේ අඩුපාඩු සකසා යළි ගෙන ආ යුතු බවත් හිටපු ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

“තනි පක්ෂයකට යළි ආණ්ඩුවක් පිහිටුවන්න බෑ. එම නිසා හොරුන්ගෙන් දූෂිතයන්ගෙන් තොරව නව සංධාන ආණ්ඩුවක් යටතේ පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සකස්කරමින් නව ගමනකට නායකත්වය දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම්. ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා සෑම ස්ථානයක ඉන්නේ හොරු. ප්‍රාදේශීය සභාව වැලි පර්මිට් එකෙන් කොමිස් ගහනවා. පාර්ලිමේන්තුවට ගියාම ව්‍යාපෘතිවලින් හා ටෙන්ඩර්වලින් කොමිස් ගහනවා.” යැයි හටපු ජනාධිපතිවරයා පැවසීය.

මාතලේ ද ග්‍රෑන් මවුන්ටන් හෝටලයේ පැවැති දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමින් හිටපු ජනපතිවරයා මේ බව පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here