පුරප්පාඩු වූ සුසිල්ගේ ඇමතිකම ගන්න කිසිම සූදානමක් නෑ – එස්. බී. කියයි

0
292

පුරප්පාඩු වූ රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්වීමට තමා තුළ කිසිදු සූදානමක් නැතැයි එස්. බී. දිසානායක මහතා කීය.

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා ඉවත්කිරීමෙන් පුරප්පාඩුව පවතින එම ධුරය එස්. බී. දිසානායක මහතාට ලබාදීමට යන බවට පැතිර ගිය රාවය සම්බන්ධයෙන් කළ විමසීමේදී ඒ මහතා මේ බව කියා සිටියේය.

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවූ සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා, ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේ දී ධූරයෙන් පහ කළ අතර, ඔහුගෙන් පුරප්පාඩු වූ එම රාජ්‍ය අමාත්‍ය ධූරය සදහා එස්.බී.දිසානායක පත්කරනු ඇති බවට ඊයේ මාධ්‍ය වාර්තා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here