වතුර බිලත් වැඩිවෙයි ?

0
317

ඒකක 30ට වැඩි ජල පරිභෝජකයින් සඳහා ජල ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

අඩු ආදායම්ලාභීන්ගේ ජල ගාස්තුවෙහි කිසිදු වෙනසක් සිදුනොකරන බව නව වසර සඳහා අමාත්‍යංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

ප්‍රශ්නය – ජල සම්පාදන මණ්ඩලය පාඩු ලබනවාද?”

“නෑ. අපි පාඩු ලබන්නේ නෑ. පාඩු ලබමින් තිබුණා. නමුත් දැන් අපි අපේ ආදායම මඟින් අපේ වියදම පිරිවැහෙන ආදායමක් ගන්නවා.”

ප්‍රශ්නය – මේ වර්ෂයේ ජල ගාස්තු වැඩි කරයිද?”

” නෑ, ජල ගාස්තුවක් වැඩි වෙන්නේ නෑ. මොකද අපි ගාස්තු අය කරන්නේ අපට මේ සේවය ඉටු කිරීමට අවශ්‍ය ආදායම සඳහායි. ඉතින් ජල ගාස්තු වැඩි වීමක් කොහොමත් අඩු ආදායම් ලබන අඩුවෙන් ජලය භාවිතා කරන පාරිභෝගිකයන්ට කිසිසේත්ම මේ ජල ගාස්තු වැඩි කිරීමක තත්ත්වයක් ඇති වෙන්නේ නෑ.

ප්‍රශ්නය – ඔබතුමා පැවසුවා වැඩිපුර ජලය පරිභෝජනය කරන අයට 15% දීමනාව දිය යුතුද කියලා?

“මම එක ඇහුවේ, ඒකක 30ක් විතර පාවිච්චි කරන අයට මුල් ඒකක 15 සහනය ලැබිය යුතුද කියන එක සලකා බලන්නැයි කියලා මම මණ්ඩලයට කිව්වා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here