පුද්ගලික අංශයටත් රුපියල් 5000 දීමනාව ලබා දිය යුතුයි – කම්කරු ඇමති

0
394

රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් ලබාදෙන පෞද්ගලික අංශයේ සේවකයන්ටද රුපියල් පන්දහසේ දීමනාව ලැබිය යුතු බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

රාජ්‍ය සේවකයන්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ටද ජීවනබර එකසේ දැනෙන බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

මේ පිළිබඳව හාම්පුතුන් සමඟ පැවැත්වෙන පළමු සාකච්ඡාව මෙම මස 7, 10 සහ 11 යන දිනවල කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව ඇත.

පෞද්ගලික අංශයේ ඇඟලුම් ක්‍ෂේත්‍රය, වතු ක්‍ෂේත්‍රය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ සාප්පු හා කාර්යාල සේවක පනතින් ආවරණය වන ආයතන ඇතුළු සෑම ක්‍ෂේත්‍රයක්ම නියෝජනය වන පරිදි හාම්පුතුන් කැඳවා ඔවුන් සමඟ මෙම පන්දහසේ දීමනාව ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව කම්කරු ඇමැතිවරයා පැවැසීය.

රජයේ සේවකයන්ට, විශ්‍රාමිකයන්ට සහ ආබාධිත රණ විරුවන්ට රුපියල් 5000ක මාසික දීමනාවක් දීමටත්, සමෘද්ධිලාභීන්ගේ මාසික දීමනාව රුපියල් 1000කික් වැඩි කිරීමටත් තීරණය කර තිබෙන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here