බියගම මැෂිමෙන් මුදල් අච්චු ගසමින් ජනතාවට බෙදාදීමෙන් සිදුවන්නේ උද්ධමනය අහස උසට නැග රටත් ජනතාවත් සිටියාටත් වඩා අසරණවීම

0
316

රටතුළ පවතින ප‍්‍රශ්නවලට තිරසාර විසඳුම් නොසොයා බියගම මැෂිමෙන් මුදල් අච්චු ගසමින් ජනතාවට බෙදාදීමෙන් සිදුවන්නේ උද්ධමනය අහස උසට නැග රටත් ජනතාවත් සිටියාටත් වඩා අසරණවීම බව මාතලේ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය ඊයේ (04දා) ප‍්‍රකාශ කළාය.

ජනතාවට සහන ලබාදීම රජයක යුතුකමක් වුවත් ඛේදවාචකයක් සහ ව්‍යසනකාරී තත්ත්වයක් රටතුළ පවතින මොහොතක මෙවැනි ‘පැලැස්තර විසඳුම්’ ලබාදීමේ ප‍්‍රතිඵල බුක්ති විඳින්නට සිදුවන්නේ ජනතාවටම බව ඉදිරියේදී අවබෝධ වනු ඇතැයි ද ඇය සඳහන් කර සිටියාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහිණි කවිරත්න මහත්මිය මෙසේ ද කීවාය.

මේ රටේ ජනතාව වේලක් හැර වේලක් කාගන්න බැරිව පෝලිම් වල හිටියට කවුරුවත් නිකන් කන්න ඉල්ලුවේ නැහැ. රටේ ආර්ථිකයට නොගැළපෙන මේ අල්ලස් ලබාදෙන්නේ හෙට අනිද්දා ඡන්දයකට ලෑස්තිවීමකට වෙන්නත් පුළුවන්. මුදල් අච්චු ගැසීම නිසා රටක උද්ධමනය ඉහළ යන ආකාරය අමුතුවෙන් කිවයුතු නැහැ. නමුත් මුදල් ඇමැති කියනවා එහෙම නෑ. අපිට එයාගේ ආර්ථික තියරිය තේරුණේ නැද්ද, එයාට රටේ ආර්ථිකය ගැන දැනුමක් නැද්ද කියලා මම දන්නේ නැහැ.

මේ සල්ලි බෙදිල්ලෙන් වෙන්නේ රටේ හැම අංශයකම කඩාවැටීමක්. අපි කියන්නේ මේ වගේ වැඩකරලා රට බිල්ලට නොදී තියන ප‍්‍රශ්නවලට තිරසාර විසඳුම් ඉදිරිපත් කරන්න කියලයි. එයයි ජනතාවාදී රජයක හරි යුතුකම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here