තමන් තවදුරටත් ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.
Truth with Chamuditha යූ ටියුබ් නාළිකාව හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එසේම පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට අදහසක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙි අතර ජනතාව වෙනුවෙන් ඇත්ත කතා කළ විට ඇමැතිකම් අහිමි වුණාට දුකක් නැහැ යනුවෙන් ඊයේ (04) සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියා.
රජයේ වැරදි ප්‍රතිපත්ති සහ තීන්දු තීරණ පෙන්වාදෙන අයට කිසිවක් නොවිමසා දඬුවම් දෙනවා නම් එවැනි දේ කරන අයට දෙන තීන්දුව ජනතාව ඉදිරියේ තීරණය කරාවි යැයි ඔහු සඳහන් කළා.
ගුරු ගැටලූ, පොහොර, ගෑස්, පොහොර නැව්, සහල් මේ හැම අර්බුදයකටම හේතුවුණේ ආණ්ඩුව වැරදි පාරේ ගමන් කිරීම බව සඳහන් කළ ප්‍රේමජයන්ත මහතා ඒ සෑම දෙයකින්ම පීඩාවට පත්වුණේ මේ රටේ අහිංසක ජනතාව බව ද පවසා සිටියා.
‘’අපි මැතිවරණ ජයග්රහණයේදී ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ දෙපළ වෙනුවෙන් කැපවුණා. 2000 දී චන්ද්‍රිකා ආණ්ඩුවේ පළමුවෙන්ම මට ලැබුණේ අධ්‍යාපන ඇමැති පදවියයි. මහින්ද රාජපක්ෂ මහතා යටතේ මැතිවරණ 11ක අප කටයුතු කළා. එතුමාගේ නාමයෝජනා 3කට අත්සන් කළේ මමයි. ඒ විතරක් නොවෙයි, මහින්ද ජනාධිපතිතුමාගේ රජයේ ඉතා වැදගත් ඇමැති පදවිවල කටයුතු කෙරුවා.’’ යනුවෙන් ද ප්‍රේමජයන්ත මහතා සඳහන් කරනවා.
එමෙන්ම අමාත් යධූරයෙන් ඉවත් කිරීම තම ඉදිරි දේශපාලන ජීවිතයට ආශිර්වාදයක් බව ද ප්‍රේමජයන්ත මහතා වැඩි දුරටත් පවසනවා.
මේ අතර රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලද සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ගෙවුණු පැය 24 තුළ මාධ්‍ය වෙත ඉදිරිපත් කළ අදහස් සමගින් වත්මන් රජයේ ඉදිරි ගමනට සැලකිය යුතු ගැටලු ගණනාවක් නිර්මාණය වී ඇතැයි දේශපාලන විචාරකයින් මත ඵල කරනවා.