පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු මිය යයි

0
313

පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි අයෙකු අද (05) මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම පුද්ගලයා වයස අවුරුදු 42 ක් වු මුස්ලිම් ජාතිකයෙකු වන අතර ඔහු දෙසැම්බර් මස 5 වනදා බන්ධනාගාර රෝහලට‌ ඇතුලත් කර තිබේ.

පසුව ජනවාරි 02 වනදා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර අද උදැසන මිය ගොස් ඇත. මෘත ශරීර සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යොමු කර ඇති බව පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here