මෙම වර්ෂය සඳහා ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 138,000ක (ඇමරිකානු ඩොලර් බිලියන 6.9) ණය මුදලක් ගෙවීමට තිබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා සිටිනවා.එම ණය මුදල විධිමත් ව ගෙවීම සඳහා වත්මන් ආන්ඩුවට හැකියා ව පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.
මෙතෙක් ගෙවීමට තිබූ ණය වාරිකයන් ද නිසි ආකාරයට කිසිදු ගැටලුවකින් තොර ව ගෙවා තිබෙන බව සඳහන් කරන අමාත්‍යවරයා, ඉදිරියටත් එම ප්‍රතිපත්තිය ම අනුගමනය කරන බව යි ප්‍රකාශ කළේ.
ණය ගෙවන අතරවාරයේ ද ජනතාව වෙනුවෙන් සහන ලබාදීමත් සංවර්ධන කටයුතු ද අඛණ්ඩ ව පවත්වාගෙන යාමත් පිළිවෙළකට සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.