ප්‍රධාන පෙළේ කැබිනට් අමාත්‍යවරයෙකු ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බව ඉහළ පෙළේ දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇත.
ඒ සම්බන්ධයෙන් ඇතැම් සමාජ ජාල මාධ්‍ය වලද අදහස් පළ වෙමින් තිබේ.
කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීම, කැබිනට් තීරණ ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කිරීම යන චෝදනා මත මෙම ඉවත් කිරීම සිදුකරනු ඇතැයි ද සඳහන් වෙයි.
මේ පිලිබදව මාධ්‍යවේදින් විසින් ඇමතිවරුන් කිහිප දෙනෙකුගෙන්ම විමසූ අතර ඔවුන් එම වාර්තා ප්රතික්ෂෙප කිරීමක් හෝ පිලිගැනීමක් සිදු නොකලේය.
ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය ධුරයක් දැරූ සුසිල් ප්‍රේමජයන්ත් මහතා ද ඉවත් කරන ලද්දේ එම චෝදනා මුල් කොට ගෙනයි.