එන්නත් කාඩ්පත තාක්ෂණ කිරිමේ කටයුතු ඇරඹේ

0
309

පොදු ස්ථාන වලදී එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීමට අදාළ තාක්ෂණික කටයුතු ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. ඒ අනුව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා කේතය (qr code) සහ යෙදුම (App) ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

එන්නත්කරණය අනිවාර්ය කළ නොහැකි වූවත් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා කීවේය. ඔහු මෙසේ පැවසුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here